සරත් වීරසේකර

ජාතික ජන බලවේගයේ ජනාධිපතිතුමාව පත්වුණාට පස්සේ ඒ පොරොන්දු ඒ කඩිනමින්ම ඉෂ්ඨ කරන්න බැරිවීම නිසා යම්කිසි කලකිරීමකට පත්වෙලා තියෙනවා. ඒක අපි දුටුවා ඇල්පිටිය පළාත් පාලන ඡන්දයෙන්. පොහොට්ටුවට ඡන්දේ දුන්න අය තමයි බොහෝ වෙලාවට මාලිමාවට ඡන්දේ දුන්නේ. ඒක නිසා තමයි ඇල්පිටියේ මාලිමාවට අඩුවෙලා පොහොට්ටුවට වැඩි වුණේ. පොහොට්ටුවේ මන්ත්‍රීවරු හැටියට අපි මෙවර පාර්ලිමේන්තුවට යන්නේ, අනුර කුමාර ජනාධිපතිතුමා හොරු අල්ලනවා නම් අපි සම්පූර්ණයෙන්ම සහයෝගය දෙනවා. රට සංවර්ධනය කරනවා නම් අපි සම්පූර්ණයෙන්ම සහයෝගය දෙනවා.

සරත් වීරසේකර මාධ්‍යට දැක්වූ අදහස්…