හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ
අපි එවන්නේ පළපුරුද්ද තියෙන අය. පළපුරුදු අය පාර්ලිමේන්තුවට උවමනායි. පළපුරුද්ද නැතුව මේක ගෙනියන්න බෑ. ගිය පාර්ලිමේන්තුවේ මම විශාල වැඩ කොටසක් කළා. මං විතරයි හිටියේ. මම ඉල්ලීමක් කරහම පක්ෂ භේදයෙන් තොරව බහුතරයක් මට සහයෝගය දුන්නා. අද මේ තත්වේ තියෙන්නේ ඒ අය සහයෝගය දුන්න නිසා. සහයෝගය දුන්නේ නැත්නම් මොකක්ද වෙන්නේ? සම්පූර්ණයෙන්ම මේක කඩා වැටෙනවා.
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ දැක්වූ අදහස්.