මෙවර ප්‍රාදේශීය සභා මැතිවරණ යට ලැයිස්තු අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ පුද්ගලයෙකුට සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් ප්රබලයෙකුගෙ දැඩි බලපෑම මත මුදල් ගණුදෙනුවකින්ද අනතුරුව ප්‍රාදේශීය මන්ත්‍රී ධූරයක් ලබා දී ඇත. මොහු ඉතා සූක්ෂම ලෙස දේශපාලන දෙබැඩි චරිතයකට පණ පොවමින් සිටින බව දැන් දැන් තොරතුරු හෙලිව ඇත.
මෙම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා රනිල් වික්‍රමසිංහගේ ඉතා කිට්ටු වන්ත සඟයෙකු බව කියවේ. ඉතා රහසිගත සාකච්ඡා වක් කොළඹ නිවසක පසුගිය දිනක රාත්රියේදී පවත්වා ඇති අතර මෙහිදී ඔහු විසින් පවසා ඇත්තේ තමන් විසින් බියගම සංවිධායක දූරය බලාපොරොත්තු වන බවත් සජිත් වෙත එම යෝජනාව කිහිප දෙනෙකු මාර්ගයෙන් යොමු කල බවත් ඊට අනූකූල නොවන්නේ නම් සුජීව සේනසිංහ ගම්පහ දිස්ත්‍රික්කය වෙත රැගෙන ඒමට තමන් අදහස් කරන බවයි.
ඕනෑම මොහොතක සජිත් ප්‍රේමදාසට එරෙහි පක්ෂ අභ්‍යන්තර කැරැල්ල අපේක්ෂක සංසදය හා එක්ව ආරම්භ කරන බවත් සමගි ජනබලවේග මන්ත්‍රී කන්ඩායමේ බහුතර මතය හසුරුවා ගැනීමට තමන්ට හැකි බවත් අවශ්‍ය මොහොතක තමන්ට එජාප සහය ලැබෙන බවත් ඔහු ප්‍රකාශ කර ඇත.
බියගම ප්‍රාදේශීය සභා ව ඉදිරිපිට උද්ඝෝෂණය ක් සිදුකිරීමට මෙම මන්ත්‍රීවරයා අදාළ පිරිස් මෙහෙය වමින් සිටින අතර මෙමගින් සජිත්ගේ නොහැකියාව පිළිඹිබු වන අයුරින් මාධ්‍ය ආවරණය ලබාදීමට එ.ජා.ප. පොරොන්දු වී ඇත..
