පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකරට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාස භංගයෝජනාවක් ඉදිරිපත් වුවහොත් පහසුවෙන් එය පරාජය කිරීමට ආණ්ඩුව කටයුතු කරන බව ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි ප්‍රකාශ කළා. පාර්ලිමේන්තුවේ ආණ්ඩුවට ජනතා නියෝජිතයන් 159 දෙනෙකු සිටින බවත්, එම නිසා එම විශ්වාසභංග යෝජනාව පහසුවෙන් පරාජය කිරීමට ආණ්ඩුවට හැකි බවත්, ඔහු සඳහන් කළා.
ඊට අමතරව ඒ මහතා කියා සිටියේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ස්වාධීනව පරීක්ෂණ පැවැත්වෙන බවත්, ඒ සඳහා ආණ්ඩුව කිසිදු බලපෑමක් කර නැති බවත්.
අරුණ ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයාද මෙම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණවලට සහයෝගය ලබා දී තිබෙන බවත් පැවසූ මන්ත්‍රීවරයා, එම නිසා විශ්වාසභංගයට යෝජනාව ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂය අසත්‍ය ප්‍රචාර සිදුකරන බවද කියා සිටියා.
