පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ

සුභ ආරංචියක් කියලා කිව්වා ඊට පස්සේ ආරංචියට තව කල් තියෙනවා කියලා පාර්ලිමේන්තුවේ කිව්වා. මේ සේරම තාවකාලිකයි. යහපාලන ආණ්ඩුව කාලේ ගත්තු අයි එස් බී කපා හැරීමත් තාම නිශ්චිත නැහැ. එතන තමයි ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ. ඊලගට එන එක්කෙනා හරි මේ එක්කෙනා හරි ඊළඟට පත්වෙන ආණ්ඩුව ඒක ගෙවන්න ඕන. තව වතාවක් කල් දාන්න බෑ.

මුදල් උත්පාදනය කරන්න අවශ්‍ය වැඩපිළිවෙලක් රට තුළ ක්‍රියාත්මක කරන්න ඕනේ. ආණ්ඩුවේ ආර්තිකේ පමණක් නොවේ ජනතාවගේ ආර්ථිකයත් ශක්තිමත් කරන්න අවශ්‍ය වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න ඕනේ.

ජනාධිපතිතුමත්, මහ බැංකු අධිපතිවරයාත් මේ ප්‍රශ්නේ බේරගන්න ඕනේ. මහ බැංකු අධිපතිවරයා කියනවා බංකොලොත් කරේ නෑ කියලා. ජනාධිපතිවරයා කියනවා බංකොලොත්භාවයෙන් මුදවා ගත්තා කියලා. ඉතින් මේ දෙන්නගෙන් කවුද ඇත්ත කියන්නේ කියන්න අපි දන්නේ නෑ.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මාධ්‍යට පල කළ අදහස්.!

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>