ලන්දේසි පාලන සමයේ මහනුවර රාජධානියෙන් රැගෙන ගිය මෙරටට අනන්‍ය වූ ‘මහා තුවක්කු’ ලෙස හැඳින්වෙන ඉපැරණි තුවක්කු 2ක් යළි ශ්‍රී ලංකාවට භාර දීමට නෙදර්ලන්ත රජය තීරණය කර තිබේ.
වසර 250කට වැඩි ඉතිහාසයක් ඇති මෙම තුවක්කු ඇම්ස්ටර්ඩෑම්හි පිහිටි නෙදර්ලන්ත ජාතික කෞතුකාගාරයේ ඇති බව නෙදර්ලන්ත රජය නිවේදනය කළේය. එම කෞතුකාගාරයේ පර්යේෂකයන් සහ ශ්‍රී ලංකාවේ විද්වතුන් එක්ව කළ පරීක්ෂණයකින් මෙම පුරාවස්තු ශ්‍රී ලංකාවට අයත් බව තහවුරු වූ බවද සඳහන් වේ. ඉන් එක් තුවක්කුවක මහනුවර රජුට සම්බන්ධ සටහනක් ඇති බවද වාර්තා වේ.
මෙම තුවක්කු 18 වැනි සියවසේදී නෙදර්ලන්තයට ගෙන ගොස් ඇත. මීට පෙර 2023 වසරේදීද නෙදර්ලන්තය විසින් ඉපැරණි තුවක්කු 2ක් ශ්‍රී ලංකාවට භාර දී ඇති අතර, ඒවාට සමානකමක් මෙම තුවක්කුවලද ඇති බව සඳහන් වේ.
