නිහාල් තල්දූව – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනය සම්බන්ධ පැවති මාධ්‍ය හමුවේදි නිහාල් තල්දූව මහතා පවසා සිටියේ එයට සම්බන්ධව තවත් සැකකරුවෙකු අත් අඩංගුවට ගත් බවයි. ඔහු රත්ගම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 28 ක පුද්ගලයෙක් බවත් ඔහු වෙඩි තැබීමට යොදා ගත් ගිනි අවි ප්‍රවාහනයට ආරක්ෂාව ලබා දුන් බවට තොරතුරු අනාවරණය වීමෙන් පසුව ඔහුව අත් අඩංගුවට ගත් බවත් මේ වන විට තවත් කාන්තාවන් 03කු සහ පිරිමි පුද්ගලයන් 08 දෙනෙකු අත් අඩංගුවට පත් වී බවයි . අනාවරණය වී ඇති තොරතුරු අනුව මෙම ඝාතනය විදේස් ගත පුද්ගලයකු විසින් සිදු කර ඇති බවට නිගමය කළ බව ඔහු තවදුරටත් පවසා සිටියේය.

වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>>>>>