නාමල් රාජපක්ෂ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (5) පාර්ලිමේන්තුවේදී පැවති විවාදයකට එක්වෙමින් කියා සිටියේ අධිකරණයේ පවතින කාරණාවක් පාර්ලිමේන්තුවේදී විවාදයට නොගත යුතු බවයි.

එම නිසා තම පක්ෂය මෙම විවාදයේදී ඡන්දය දීමෙන් වැළකී සිටින බවද ඔහු ප්‍රකාශ කළේය. රටේ නීතිය ක්‍රියාත්මක කිරීමේ ගැටලුවක් නොමැති බවත්, නමුත් දේශපාලන අරමුණු වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කිරීම අසාධාරණ බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

එබැවින්, ආණ්ඩුවේ අවශ්‍යතා වෙනුවෙන් සමස්ත පාර්ලිමේන්තුවට සහ අධිකරණයට කැළලක් ඇති නොකරන ලෙස ඔහු කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.