දයාසිරි ජයසේකර
රට ගොඩනැගීම සඳහා වන ඊළඟ ක්‍රියාමාර්ග ගැනීමට මේ ආණ්ඩුවට දැන් සම්පූර්ණ බලය ලබලා දීලා තියෙනවා. දැන් ඔවුන් කෙඳිරි ගාන්න බැහැ. ඔවුන්ට දැන් තිබෙන්නේ වැඩ කරන්න. ඒ නිසා අපි විපක්ෂය විදියට, සමගි ජන බලවේගයත්, ඒ වගේම සමඟි ජනබල සන්ධානයත්, අනෙකුත් විපක්ෂයේ දේශපාලන මන්ත්‍රීවරු ඇවිල්ලා තිබෙන අයත් එක්කත් සාකච්ඡා කරලා, පොදු විපක්ෂයක් ලෙස අපි කටයුතු කළ යුතුයි කියන මතය අපි දැරිය යුතුයි. මොකද අපි ඒකාබද්ධ වෙලා මේ ආණ්ඩුව විසින් ලබන වැරදි ක්‍රියාමාර්ගවලට එරෙහිව ගන්න තියෙන උපරිම ක්‍රියාමාර්ග අපි ගත යුතුයි. ඒ වගේම මේ ආණ්ඩුව දීලා තිබෙන පොරොන්දු කන්දරාව ඉෂ්ට කර ගැනීම සඳහා වන තෙරපීම විපක්ෂය පැත්තෙන්, ගෙන ආ යුතුයි කියලයි මම විශ්වාස කරන්නේ.
දයාසිරි ජයසේකර මාධ්‍යට දැක්වූ අදහස්.
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>