ජාත්‍යන්තර තරුණ දිනයට සමගාමීව, ජාතික තරුණ සම්මේලනයක් අගෝස්තු 12 වන දින පෙරවරු 10:00ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

මෙම සම්මේලනය තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය සහ ජාතික තරුණ සේවා සභාව එක්ව සංවිධානය කරනු ලබයි.