ජෝසප් ස්ටාලින්.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පෙන්වා දෙන්නේ වත්මන් ආණ්ඩුව අධ්‍යාපන පරිවර්තනය ගැන කතා කළද, එය සිදුකරන ආකාරය පැහැදිලි නොකරන බවයි. ඔහු අවධාරණය කරන්නේ, සැබෑ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා විභාග ක්‍රමය, විෂය මාලාව සහ අධ්‍යාපනයේ බර අඩු කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බවයි.

ජාතික අධ්‍යාපන ආයතනය සමඟ ආණ්ඩුව ප්‍රතිසංස්කරණ සිදුකිරීමට උත්සාහ කළත්, එහි සුදුසුකම්ලත් පිරිස් නොමැති හෙයින් ඔවුන්ට මෙය කළ නොහැකි බව ස්ටාලින් මහතා පවසයි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රමානුකූල වැඩපිළිවෙළක් යටතේ සිදු විය යුතු බවද ඔහු වැඩිදුරටත් කියා සිටී.