ඩෙල්ටා ප්‍රබේදය අභියස අප රට මේ වනවිට අපායක් බවට පත්ව ඇති බවත්, ආණ්ඩුව මේ වනවිට ජනතාවගේ ඉරණම දෙවියන්ට බාර දී ඇති බවත්, එසේ කිරීමට නම් ආණ්ඩුවක් වුවමනා නැති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කළේය.

අද දින මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේය.

ආණ්ඩුවේ වැරදි කළමනාකරණය හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

වැඩිදුරටත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ වසංගතය සම්බන්ධයෙන් ආණ්ඩුව නිකුත් කරන ගණන් හිලව්වල පවා විශාල පරස්පරයන් පවතින බවකි.