මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු‌ට දුරකථන ඇමතුමක් දී ‘දැන් සැපද’ ඇසූ අයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බව මොරටුමුල්ල පොලිසිය පවසනවා.

එම පුද්ගලයා මෙම දුරකථන ඇමතුම ලබා දී ඇත්තේ මොරටුවේ එන්නත්කරන වැඩකටයුතුවලට බාධා කලේ යයි අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසුව නගරාධිපතිවරයා ඇප මත නිදහස ලබා පැමිණි අවස්ථාවේදීය.

අදාළ සිදුවීම පිළිබඳව පොලිසිය වෙත නගරාධිපතිවරයා කරන ලද පැමිණිල්ලක් අනුව ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු රත්මලාන තෙලවල ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් පොලිසිය මීට පෙර බොරුපන ප්‍රදේශයේ අනවසර තාප්පයක් ඉවත් යෑමේදී නගරාධිපති සහ සැකකරු අතර ආරවුලක් ඇති කරගත් බවට තොරතුරු හෙළි වු බවද වාර්තා වෙනවා.