නිවිතිගල ප්‍රදේශයේ සිදු කරගෙන ගිය නීති විරෝධී මත්පැන් ජාවාරමක් පිළිබදව පසුගිය 7වැනිදා එම ප්‍රදේශයේ පවුලක් විසින් පොලිස් විශේෂ කාර්යය බලකායට තොරතුරක් ලබා දී තිබූ අතර ඒ එම ප්‍රදේශයේ පොලිස් ස්ථානයට ඒ පිළිබද කිහිප විටක් දැනුම් දුන්නද ප්‍රයෝජනයක් නොමැති වීම නිසාය.

පසුව පොලිස් විශේෂ කාර්යය නිළධාරින් විසින් මත්පැන් නිෂ්පාදනය කරන ස්ථානය පරීක්ෂා කර තිබුණා. ඉන් මද වෙලාවකට පසු පැමිණි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් විසින් අදාළ තොරතුර ලබාදුන් පවුල ජීවත් වූ නිවස සම්පුර්ණයෙන් කඩා බිඳ දමා ඇත.

ඔවුන් මේ පිළිබදව පොලිසියට පැමිණිලි කළ පසු අදාළ පුද්ගලයන් 7 දෙනා අත්අඩංගුවට ගෙන අධිකරණට ඉදිරිපත් කළද ඔවුන්ව එදිනම ඇප මත මුදා හැර ඇත.