සිය සාමාජිකත්වය දරන රටවල් හි විදේශ සංචිත ශක්තිමත් කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අමෙරිකානු ඩොලර් බිලියන 650 ක මුදලක් වෙන් කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවද අදාළ මුදලින් අමෙරිකානු ඩොලර් මිලියන 816ක් ලබාගැනීමට සුදුසුකම් ලබා ඇති බව වාර්තා වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිස් ලිනා ජෝර්ජියාවා නිවේදනයක් නිකුත් කරමින් පෙන්වාදී ඇත්තේ මෙමගින් බොහෝ රටවල පවතින මූල්‍ය අර්බුදයට ශක්තිමත් විසඳුමක් සපයා ගත හැකි බවය.

කෙසේවෙතත් අදාළ ප්‍රතිපාදන සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිසංස්කරණවලට එකඟවිය යුතු බව සඳහන්ය.

ජූලි මාසය වනවිට ශ්‍රී ලංකාවේ දළ නිල සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 2.8 දක්වා පහත වැටී තිබුණි.