මන්නාරම නගරයේ පිහිටි කිතුණු දේවස්ථාන කීපයකටම 13 දා දහවල් හා රාත්‍රි කාලයේ එල්ල වී ඇති ගල් හා මුගුරු ප්‍රහාර කීපයක් සම්බන්ධයෙන් මන්නාරම පොලීසිය පරීක්ෂණ ආරම්භ කොට තිබෙනවා.

කිසියම් පිරිසක් විසින් මන්නාරමේ කිතුණු දේවස්ථාන පමණක් ඉලක්ක කරගෙන එල්ල කළ ප්‍රහාර නිසා මන්නාරම නගරය හා ඒ ආසන්නයේ පිහිටි කිතුණු දේවස්ථාන දෙකකට  අලාභහානී සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ප්‍රහාර එල්ල වන ආකාරය අසල පිහිටි සී.සී.ටී.වී.කැමරා කීපයකම සටහන්වී ඇති අතර ඒ ඔස්සේ  මන්නාරම් ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බවයි පොලිසිය සඳහන් කලේ.