සිය පුත් විමුක්ති කුමාරතුංග ලංකාවේ දේශපාලනයට පිවිසීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිතා බණ්ඩාරනායක මහත්මිය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කොට ඇත.

එය මෙසේය.

මාධ්‍ය නිවේදනයයි

විමුක්ති කුමාරතුංග දේශපාලනයට පිවිසෙන බවට මේ දිනවල ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍යවල පැතිර යන අසත්‍ය ප්‍රචාරය සම්බන්ධවයි.

විමුක්ති කුමාරතුංග ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙන බවට මේ දිනවල අසත්‍ය ප්‍රචාරයක් ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය හරහා පැතිරෙන පුවත සම්පූර්ණයෙන් අසත්‍ය ප්‍රකාශයක් වන අතර එය සම්පූර්ණයෙන් ප්‍රතික්ශේප කරමි.

ඔහුට දේශපාලනයට පැමිණීමේ කිසිදු අවශ්‍යතාවක් හෝ ආසාවක් නොමැති අතර දේශපාලනය වෙනුවෙන් බණ්ඩාරනායකවරුන් සිදු කළ කැපකිරීම් සහ ලද පීඩාවන් ඔහුට ද උරුම කරවීමේ කිසිදු අදහසක් මට ද නොමැත.

ඔහු අප රටට බෙහෙවින් ආදරය කළද, රට වෙනුවෙන් සේවය කළහැකි එකම ක්‍රමය දේශපාලනය නොවන බව ද පවසනු කැමැත්තෙමි.

එබැවින් මෙවැනි අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන මෙන් සියලු ජනතාවගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමි.

මෙයට හිතවත් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග