විදේශ ණය මඟින් අරමුදල් සපයන මිල අධික මෙගා ව්‍යාපෘති අත්හිටුවා තිබුණද, මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ කුරුණෑගල සිට දඹුල්ල දක්වා කි.මී .58 ක කොටස ඉදිකිරීම රජය විසින් එක්සත් රාජධානියේ රෆ්ටන් ඉන්ටර්නැෂනල් සමාගමට පිරිනැමීමට පියවර ගෙන ඇත.

මේ සදහා යුරෝ මිලියන 691.5ක් (රුපියල් බිලියන 162ක්) පමණ ණයට ගැනීමට අපේක්ෂා කරන බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කොට ඇත.

භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහතා මැයි මාසයේදී ලිපියක් යවමින් මධ්‍යම අධිවේගී මාර්ගය “රජයේ ප්‍රධාන ආයෝඡනයක්” බවත්, එය “එක්සත් රාජධානිය පදනම් කරගත් ආයෝජකයෙකු” ලෙස හඳුන්වන රෆ්ටන් සමාගමට ලබා දීමට තීරණය කර ඇති බවත් තහවුරු කළේය.