දේශීය කෘෂිකර්මය සඳහා රසායනික පොහොර ආනයනය කිරීම සඳහා කිසිඳු අවසරයක් ලබාදී නොමැති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

ඒ අනුව දේශීය කෘෂිකර්මාන්තය සඳහා කාබනික පොහොර පමණක් භාවිත කළ යුතු බවට ජනාධිපතිවරයා ගන්නා ලද ප්‍රතිපත්තිමය තීරණයේ කිසිඳු වෙනස්කමක් සිදු කර නොමැති බවත් ඉදිරියේදී එම තීරණයේ කිසිඳු වෙනසක් සිදු නොකරන බවද රජය අවධාරණය කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය පහතින්,