තමාව අත්අඩංගුවට ගෙන දින 102 ක් වුවත් තමන් සම්බන්ධයෙන් ප්‍රශ්න කළේ දින පහක් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් පවසනවා.

ඒ අනුව අනෙක් දින 97 තමන්ම පැය විසි හතරම කාමරයකට දමා වසාදමා තිබූ බවද ඔහු ප්‍රකාශ කළා.

තම අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙක් වන බාලසුබ්‍රමනියම්ට විනාඩි එකහාමාරක් කතා කළ නිසා තමාව අත්අඩංගුවට  ගෙන ඇති බවත් තමාව අත්අඩංගුවට ගැනීමට හේතුව සම්බන්ධයෙන් විමසීමක් කළ විට අදාළ නිලධාරීන් ප්‍රකාශ කළ බවයි හිටපු අමාත්‍යවරයා සඳහන් කළේ.