කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවදානමත් සමග පනවා ඇති නිරෝධායන උපදෙස්වලට පටහැණිව කටයුතු කරමින් හැටන් කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ ප්‍රධාන දමිළ පාසලක සිසුන් පිරිසකට පාසල තුළ පන්ති පැවැත් වු විදුහල්පතිවරයාට සහ ගුරුවරුන්ට දිඹුල පතන පොලිසියේ නිලධාරින් විසින් අද (28) දින දැඩි ලෙස අවවාද කර තිබෙනවා.

එම පාසලට ළමුන් විශාල පිරිසක් කැඳවා පාසල තුළ පන්ති පවත්වන බවට දිඹුල පතන පොලිසියට ලද තොරතුරක් මත දිඹුල පතන පොලිසියේ නිලධාරින් එම ස්ථානයට යන විට පාසලට පැමිණි සිටි ළමුන් අතුරු මාර්ග ඔස්සේ නිවාස කරා ගොස් ඇති බවයි දිඹුල පතන පොලිසිය කියා සිටියේ.

වතුකරයේ ප්‍රධාන නගරවල ඇතැම් දමිළ පාසල්වල විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් සෞඛ්‍ය සහ ආරක්ෂක අංශවලට රහසිගතව ළමුන් පාසල වෙත කැඳවා පන්ති පවත්වන බවයි ගුරු වෘත්තිය සමිතිවල නිලධාරින් කියා සිටින්නේ.