මෙරට සිදුකරන PCR සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සංඛ්‍යාව සීමා කර තිබෙන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරනවා.

දෛනික ආසාදිතයන්ගේ වාර්තාවන් අනුව මේ වන විට මෙරට කොවිඩ් පැතිරීම ගැන තක්සේරු කල නොහැකි බවයි එහි සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙන්නේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් ආසාදිතයින් සහ ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් සඳහා සිදුකරන පරීක්ෂණ සීමා කරමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබීම මෙයට හේතුව බවයි ඒ මහතා කියා සිටියේ.

සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන් සිදුකරන කාර්ය මණ්ඩලවල පිරිස් තමන්ට කොවිඩ් ආසාදිත වීමෙන් දින දහයකට පසු කිසිඳු කොවිඩ් පරීක්ෂාවකින් තොරව සේවයට පැමිණිය යුතුබ බවට එම චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් මෙම විශේෂ චක්‍රලේඛය නිකුත් කර ඇති අතර මෙම චක්‍රලේඛයේ පිටපත් සියලුම රෝහල් අධ්‍යක්ෂවරුන්ට හා ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන්ට යොමු කර තිබෙනවා.

එහිදී දින දහයකින් සේවයට වාර්තා කිරීමෙන් උණ හෝ වෙනත් රෝග ලක්ෂණ තිබේ නම් සේවයට වාර්තා කිරීමෙන් වැළකී සිටිය යුතුයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නිකුත් කර ඇති නව මාර්ගෝපදේශයට සෞඛ්‍ය වෘත්තීය සංගම් ඊයේ (7) විරෝධය පළකළා.