නිරෝධායන කාලසීමාව තු​ළ තම සේවා සැපයීම සඳහා පිටත්ව යා හැකි පිරිස් සහ සැපයිය හැකි සේවා පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අද (21) උදෑසන නිර්දේශ නිකුත් කළා.

මීට අමතරව මේ වනවිට තවත් නිර්දේශ 9ක් සෞඛ්‍ය අමාත්යංශය විසින් නිකුත් කර තිබෙනවා. එලෙස නිර්දේශලත් සේවා සඳහා පිටත්ව යා හැකි පිරිස පහතින්.. අත්‍යාවශ්‍ය නඩු කටයුතු සඳහා උසාවි පවත්වාගෙන යාමට සීමිත අවසර තිබෙනවා.

ආනයන හා අපනයන ආර්ථික ක්‍රියාවලීන් සඳහා කටයුතු කරන දේශීය නිෂ්පාදන සඳහා අවසරලත් පිරිසට කටයුතු කිරීමට අවසර හිමිව තිබෙනවා. අත්‍යාවශ්‍ය කටයුතු සඳහා මාධ්‍යවේදීන් කැඳවීමට එම ආයතන වලට අවසර හිමිව තිබෙනවා. කෘෂිකටයුතු හා එම නිෂ්පාදන සිදු කරන සේවකයින් සඳහා පළාත් අතර සංචාරය කිරීමට අවස්තාව හිමිවේ. අත්‍යවශ්‍ය කඩ විවෘතව තබන වෙලාව පිලිබඳ දිස්ත්‍රික් කොවිඩ් කමිටුව විසින් තීරණය කරනු ලබනවා.

මීට අමතරව අදාළ නිවේදනය පහතින්,