පාස්කු ඝාතනයන්ට නීතිය ක්‍රියාත්මක නොවීමට විරෝධය පළ කරමින් සියලුම ‌කතෝලික දේවස්ථානවල අද දින කළු කොඩි එසවීමට පියවර ගෙන තිබිණ.

අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් විසින් අද දින කළු කොඩි ඔසවන බව මීට පෙර ප්‍රකාශ‌ කොට තිබිණ.

ඒ අනුව ‌සියලුම දේවස්ථානවලද, කතෝලික නිවෙස්වලද කළු කොඩි ඔසවා තිබූ ආකාරයක් දැකගන්නට ලැබිණ.