ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යවරයා වන චන්න ජයසුමනට මෙරට පවතින සහ නොපවතින ඖෂධ පිළිබඳව අවබෝධයක් නොමැති බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

රටේ සෞඛ්‍ය තත්වය එවැනි තත්වයකට පත්ව ඇති බවයි අද (21) දින මාධ්‍ය අමතමින් ඔහු ප්‍රකාශ කර සිටියේ.

“මේ වගේ විහිළුකාරයෝ තමයි අද සෞඛ්‍ය අමාත්‍යංශයේ ලැගගෙන ඉන්නේ. ලෝකයේ ප්‍රසංසාවට ලක් වුණු කීර්තිමත් අමාත්‍යංශයක් අද මේ තරම් බලු තත්වයකට ඇදලා දාලා තියෙනවා මේ මිනිස්සු.

අද රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ඖෂධ 169ක් හිඟයි. මෙහෙම ප්‍රශ්න තියාගෙන එයාලා ජෝකර්ලා වගේ විහිළු කරනවා. මේ වගේ ප්‍රාථමික දෙයක්වත් දන්නෙ නැති ඇමති ඖෂධ වේදය ගැන පීඑච්ඩී එකක් කරේ කොහොමද දන්නෙ නෑ. හැබැයි අනුන්ට ගරහනවා. මටත් චෝදනා කරනවා. දැණ් ඇවිල්ලා අවුරුදු 1.5ක් උනානේ මං අභියෝග කරනවා ඔප්පු කරන්න කියලා. වාචාලකම් දොඩලා, වෛද්‍යවරයෙක් හැටියට නෙවෙයි, තුට්ටු දෙකේ දේශපාලඥයෙක් වගේ හැසිරෙනවා.

මේගොල්ලො දන්නවා මේ පළවෙනි සහ අවසන් වතාව කියලා. මේගොල්ලො වසංගත රෝග එකට වෙලා කරන්නේ වසංගතේ මර්ධනය නෙවෙයි වෙන දේවල්. ඒවා මම ඉස්සරහට කියන්න.” යැයි ඔහු පවසනවා.