ඉදිරියේදී විදුලි බිල වැඩි වීමේ අවදානමක් මතුව ඇති බව ලංකා විදුලිබල පොදු සේවක සංගමය පවසයි. එහි සභාපති මාලක වික්‍රමසිංහ මහතා පැවසුවේ විදුලිබල මණ්ඩලය තුළ මාෆියාවක් ක්‍රියාත්මක බවයි.

ලංකා විදුලිබල පොදු සේවක සංගමයේ සභාපති මාලක වික්‍රමසිංහ

“හෙට හෝ අනිද්දට විදුලි බල මණ්ඩලයට පාඩුයි. ඒ නිසා විදුලි බිල වැඩි කරන්න වෙනවා කියලා ආණ්ඩුව අනිවාර්යයෙන්ම විදුලි බිල වැඩිකරනවා. විදුලි බිල වැඩි කිරීමට කිසිදු හේතුවක් නෑ. මෙතන මාෆියාවක් ක්‍රියාත්මකයි. මොකක්ද මේ මාෆියාව. මේකේ ඉන්නවා දූෂිත දේශපාලනඥයෝ, කූඨ ව්‍යාපාරිකයෝ, අවස්ථාවාදී වෘත්තිකයෝ සහ වංක නිලධාරීන්. මේ හතර ගොල්ලෙන් හැදුනු මාෆියාවක් විසින් එක පැත්තකින් විදුලිබල මණ්ඩලය පාඩුවට ලක්වෙලා තියෙනවා. වත්මන් රජය විසින් උත්සාහ කරනවා විදුලිබල පනතේ 30 වැනි වගන්තියේ යම් සංශෝධනයක් කරලා විදුලිබිල වැඩි කිරීමේ අයිතිය අමාත්‍යංශයට හෝ කැබිනට් මණ්ඩලයට ගැනීමේ උත්සාහයක් තියෙනවා.”