මෙරට කොවිඩ් -19 ප්‍රතිකාර මධ්‍යස්ථානවල අවශ්‍යතා සඳහා ඔක්සිජන් මෙට්‍රික්ටොන් 100ක් ඉන්දියාවෙන් මිලදී ගැනීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව එළඹෙන සතියේදී එම මිලදී ගැනීම සිදුකිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා පවසයි.

එලෙස ඔක්සිජන් මිලදී ගැනීම අවශ්‍ය පරිදි ඉදිරියටත් සිදුකරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.