යුද්ධයට මුහුණ දුන් අයුරින් රටේ සහල් මිල සහ කෙරෝනා වසංගතය පාලනය කළ හැකි යැයි ආණ්ඩුව සිතාගෙන සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.

හර්ෂ ද සිල්වා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පෙන්වා දී ඇත්තේ, වත්මන් ආණ්ඩුව වෙළෙඳපොළක් පාලනය කිරීමට හෝ හැකියාවක් නැති ආණ්ඩුවක් බවය.

වසර දෙකකට පෙර තම නායකත්වයෙන් සුළු හා මධ්‍යම පරිමාණ සහල් මෝල් හිමියන් සම්බන්ධ කර ගනිමින් ආරම්භ කළ “ශක්ති” සහල් වැඩසටහන ආණ්ඩුව විනාශ කර ඇතැයි හර්ෂ ද සිල්වා මහතා සඳහන් කර තිබේ.

“සහල් මාෆියාවට පාර හොඳට ම විවෘත කර දුන්නා. අද හාල් මිල කීය ද? අමුතුවෙන් කියන්න ඕන නෑනේ බත් කන මිනිසුන් දන්නවා. එකයි මම කියන්නේ මේක වැඩපිළිවෙළක් නැති පඩ ෂෝ දාන ආණ්ඩුවක් කියලා. “ශක්ති” විනාශ කරල සහල් මෝල් වටලල, හමුදා නිලධාරීන්ගෙන් වාර්තා අරන් දාපු ෂෝ එක මතකනේ,” යනුවෙන් හර්ෂ ද සිල්වාගේ ෆේස්බුක් සටහනේ වැඩිදුරටත් සඳහන් වේ.