දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට Symphony Orchestra of Sri Lanka සංවිධානය විසින් රුපියල් මිලියනයක මුදලක් පරිත්‍යාග කරන ලදී. ඊට අදාළ චෙක්පත එහි සභාපතිනි ශර්මිනි වෙත්තිමුනි මහත්මිය විසින් ඊයේ (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු මහතා වෙත භාර දෙන ලදී. කොළඹ කාන්තා විද්‍යාල...

