පාරිභෝගික ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා සේවා හිඟයකින් තොරව ලබාදීම සහතික කෙරේ. – 20.03.2026

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා සේවා හිඟයකින් තොරව ජනතාවට ලබාදීම රජය සහතික කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කළේය. මැදපෙරදිග යුද තත්ත්වය හමුවේ ගෝලීය වෙළඳපොළේ ඇතිවන අභියෝගයන් අතරද, ශ්‍රී ලංකාවේ ජනතාවට අවශ්‍ය භාණ්ඩ අඛණ්ඩව ලබාදීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටින බව ඔහු...