අනිත් නායකයෝ ලෝකෙ වටේ යද්දී සජිත් ගම වටේ යන්නෙ ඇයි? – 2024.05.28

නීතිඥ තාරක නානායක්කාර මේ අවුරුද්ද සුවිශේෂී අවුරුද්දක්. මේ අවුරුද්දේ ඡන්ද හතරම තියන්න පුළුවන්. ඡන්ද හතරම කිව්වොත් දැනට ජනාධිපතිතුමා කල් දාලා තියෙන පුංචි ඡන්දය. 2015 ඉඳන් කල්දාපු පළාත් සභා මැතිවරණය. පාර්ලිමේන්තුවත් විසුරුවලා පාර්ලිමේන්තු මැතිවරණයක් තියන්නත් පුළුවන්. ඊළගට ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණයකුත් තියන්න ඕනේ. එක එක අය කිව්වට ජනමත විචාරණයකට ගිහිල්ලා මේක කල් දාමු...