පාකිස්ථානයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්රිකට් තරගාවලියේ කමිඳු මෙන්ඩිස්ගේ ශතකයත්, පවන් රත්නායකගේ අර්ධ ශතකයත් ශ්රී ලංකාවට ජයග්රහණයකට පදනම සකස් කළේය. එහෙත් තීරණාත්මක අවස්ථාවලදී තරගයේ පාලනය තමන් වෙත තබාගැනීමට ශ්රී ලංකාවට නොහැකි විය. පන්දුවාර 40 අවසානයේ ශ්රී ලංකාව කඩුලු දෙකකට ලකුණු 238ක් ලබා සිටියේය. අවසන් පන්දුවාර දහයේදී ලකුණු 87ක් ලැබුණත් කඩුලු හයක්...

