අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ දෙවන අදියර ආරම්භ කිරීම ඊයේ (10) සිදු කෙරුණු අතර, එම අවස්ථාවට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක පිරිසිදු පානීය ජලය ජනතාවට ලබාදීම රජයේ ප්‍රමුඛතාවක් බව අවධාරණය කළේය. වකුගඩු රෝගය හේතුවෙන් විශාල පිරිසක් පීඩාවට පත්ව ඇති බැවින්, විශේෂයෙන් ග්‍රාමීය ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාදීම අත්‍යවශ්‍ය බව ජනාධිපතිවරයා...

