උත්සව සමය වෙනුවෙන් විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කිරීමට පියවර. – 22.12.2025

එළඹෙන උත්සව සමය තුළ මහජන ආරක්‍ෂාව සහ සාමය තහවුරු කරමින්, එය සාමකාමීව සැමරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම සඳහා යුද හමුදා මූලස්ථානය කේන්ද්‍ර කර ගනිමින් මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කිරීමට ආරක්‍ෂක ලේකම්වරයා උපදෙස් ලබා දී ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා. උත්සව සමය නිමාවන තෙක් අඛණ්ඩව ක්‍රියාත්මක වන මෙම මෙහෙයුම් මැදිරිය, ත්‍රිවිධ හමුදාව...