මරදාන දුම්රිය ස්ථානය නවීකරණ කිරීම ආරම්භ කෙරේ. – 15.09.2025

“Clean Sri Lanka” වැඩසටහනට සමගාමීව “Dream Destination” යටතේ මරදාන දුම්රිය ස්ථානය නවීකරණ ව්‍යාපෘතිය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (15) ආරම්භ විය. තිරසාර, නවීන සහ ප්‍රමිතිගත පොදු ප්‍රවාහන පද්ධතියක් ගොඩනගාගැනීමේ අරමුණින්, දුම්රිය ස්ථාන සියයක් නවීකරණය කිරීමට රාජ්‍ය–පෞද්ගලික හවුල්කාරිත්වය මත ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කරයි. මගීන්ගේ ආරක්ෂාව හා සුවපහසුව වැඩිදියුණු කරන පිරිසිදු,...