රාජ්‍ය ආයතන 150ක සහය Gov Pay ට. – 27.09.2025

GovPay ගෙවීම් ක්‍රමයට රාජ්‍ය ආයතන 150ක් සම්බන්ධ වී ඇති අතර, මේ වන විට ගනුදෙනු 24,391ක් සිදු කර රු. මිලියන 300 ඉක්මවා ආදායම ලැබී තිබෙනවා. ශ්‍රී ලංකා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, ICTA සහ Lanka Pay එක්ව දියත් කළ GovPay මඟින් ආරක්ෂිත සහ කාර්යක්ෂම ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදයක් ලබා දෙන බව සඳහන්.