සජිත්ට අගමැතිකම නෙවෙයි විපක්‍ෂ නායකකමවත් හම්බවෙන්නේ නෑ. – 2024.11.11

මනුෂ නානායක්කාර රට වැටුන වෙලේ සජිත් ප්‍රේමදාසට රටේ වගකීම භාරගන්න කිව්වහම භාරගන්න බැරි වුණා. ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ආරාධනා කරා සජිත් ප්‍රේමදාසට අගමැතිවරයා වෙලා මිනිස්සු අමාරුවේ වැටිච්ච වෙලාවේ, මිනිස්සු දුක් විඳපු වෙලාවේ වගකීම භාර අරගෙන මේක ගොඩනගන්න කියලා. සජිත්ට ඒක කරන්න බැරි වුණා. ඒ නිසා තමයි අපි තීන්දුවක් ගත්තේ...