සත්ත්ව ආහාර සඳහා තිරිඟු ආනයනය කිරීමට රජය තීරණය කර තිබේ.

සත්ත්ව ආහාර මිල පාලනය කිරීම මෙහි අරමුණ බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් පශු වෛද්‍ය හේමමාලී කොතලාවල පැවසීය.

විවෘත වෙළෙඳපොළේ සත්ත්ව ආහාර මිල ස්ථාවර කිරීමත් සාධාරණ මිලකට මාංශ සහ ඒ ආශ්‍රිත ආහාර පාරිභෝගික ජනතාවට සැපයීම ක්‍රමවත් කිරීමටත් රජය ගෙන ඇති තීරණයට අනුව තිරිඟු ආනයනයට පියවර ගත් බව අධ්‍යක්ෂ ජනරාල්වරිය පැවසුවාය.

සංචරණ සීමා ඉවත් කර රට විවෘත කිරීමත් සමග ඉදිරියේ දී සත්ත්ව ආහාර මාංශ සහ ආශ්‍රිත නිෂ්පාදන බෙදා හැරීම ක්‍රමවත් වනු ඇති අතර සත්ත්ව ආහාර නිෂ්පාදනයට අවශ්‍ය තිරිඟු ආනයනය කිරීමෙන් නිෂ්පාදන වියදම පහළ යනු ඇති බවද ඇය පැවසුවාය.