භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවකු බවට පත්වී මරණීය දණ්ඩනය නියම වී සිටි හිටපු පා.ම දුමින්ද සිල්වාහට ජනාධිපති සමාව හිමිවී තිබේ. ඒ අනුව ඔහු අද පෙරවරුවේ බන්ධනාගාරයෙන් පිටතට පැමිණීමට නියමිතව ඇත.

කොළඹ දිස්ත්‍රික්කයේ දේශපාලනයේ බලවත් චරිතයක් වන දුමින්ද සිල්වා “හිරු” මාධ්‍ය ජාලය හිමි රෙනෝ සිල්වා මහතාගේ සොහොයුරායි.

කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟවදින විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන පක්ෂ නායකයින්ට දුමින්ද සිල්වාගේ ආගමනය ඉතා ප්‍රභල අභියෝගයක් වනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග වාර්තා කර තිබේ.

මේ අතර සිය රට (ඇමරිකාව ) බලා පිටත්ව ගිය බැසිල් රාජපක්ෂ මහතා යළි අද උදෑසන ශ්‍රී ලංකාවට පැමිණියා. ඔහුගේ දේශපාලන ඉලක්කයන් වෙත අභියෝගයක් එල්ල කල විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇතුලු කණ්ඩායමට නුදුරේදීම බැසිල් රාජපක්ෂ පාර්ශවයෙන් විශාල දේශපාලන ප්‍රහාරයක් එල්ල විය හැකි බවටයි වාර්තා වන්නේ.