පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉටු විය යුතු බවට මාධ්‍ය ඔස්සේ අදහස් දැක්වූ තරුණයෙක් හදිසියේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බුද්ධි ඒකකයට කැදවා තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බුද්ධි අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක කැලුම් කරුණාරත්න විසින් මෙම තරුණයාට එම බුද්ධි ඒකකය හමුවේ පෙනී සිටින ලෙස ලිඛිතව දැනුම්දී ඇත.

තමන් විසින් දිවයිනේ විවිධ ප‍්‍රදේශවල ක‍්‍රියාත්මක අපරාධ ක‍්‍රියාකාරකම් ගැන විශේෂ විමර්ෂණයක් ආරම්භ කර ඇති බවත් පිළිබද කරුණු විමසීම සදහා මෙසේ මෙම තරුණයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබේ. අද සවස 4 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස මෙසේ ඔහුට දැනුම්දී තිබේ

මෙසේ කැදවා ඇත්තේ ගාල්ල හිනිදුම ප‍්‍රදේශයේ පදිංචි ශෙහාන් මාලක නැමැති තරුණයාය.

පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිටුපස දේශපාලන සම්බන්ධයක් ඇති බවත් මේ ගැන ආණ්ඩුව පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් පසුගිය සතියේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.

ආණ්ඩුවේ බුද්ධි අංශවෙතින් වැටුප් ලබාගත් පිරිසක්, පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධවී ඇති බව කෙහෙලිය රඹුක්වැල්ල ඇමැතිවරයා, අගමැතිවරයා පිළිගෙන ඇති බවද ඔහු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කීවේය. මෙය ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒමට කළ කුමන්ත‍්‍රණයක් යැයි පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පත් කළ කොමිසම් වාර්තාවේ සදහන්ව ඇති බවද ඔහු මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් කීවේය.

2009 සිට 2015 කාලය තුළදී අන්තවාදී කණ්ඩායම් වර්ධනය වී ඇති බව පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් වන ජනාධිපති කොමිසන් සභා වාර්තාවේ දැක්වෙන බවද ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් කීය.