කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත අධ්‍යයනය කිරීම සඳහා පත්කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කමිටුවේ නිගමනය ඉදිරිපත් කර තිබේ.

එම කමිටුවේ සභාපති රංජිත් සියඹලාපිටිය මන්ත්‍රීවරයා විසින් අදාළ නිගමනය සහ සංශෝධන ඉදිරිපත් කර ඇත.

එම නිගමනය සහ සංශෝධන ඉදිරියේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අවධානය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නියාමනය හා පාලනයෙන් බැහැර නොකිරීම ඇතුළු කරුණු 04ක් සම්බන්ධයෙන් එම පක්ෂයේ අවධානය යොමුවී තිබේ.

මේ සම්බන්ධයෙන් මහරගම ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දැක්වු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර අමාත්‍යවරයා සඳහන් කළේ,

“මේ රටේ පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති වෙනවට අපේ විරුද්ධත්වයක් නෑ. හැබැයි ඒ පෞද්ගලික විශ්වවිද්‍යාල ඇතිවීමේදී නිදහස් අධ්‍යාපනයට කිසිදු වැරද්දක් සිද්ධ වෙන්න අපි ඉඩ තියන්නේ නෑ. නැත්නම් විශ්වවිද්‍යාල කඩ ඇතිවීම වළක්වන්න බෑ.”