බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාව එළැඹෙන 19 දා හා 20 දා විවාදයට ගැනීමට නියමිතය.

අද පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණය ගෙන තිබේ. මෙම විශ්වාසභංග යෝජනාව සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කර තිබේ.

ඉන්ධන මිල ඉහළ දැමීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙම විශ්වාසභංගය ඉදිරිපත් කර තිබේ.