කුණු ආසියානු කලාපයේ මුලින්ම ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් ලබාගත් පළමු රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබෙන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ෆයිසර් එන්නත් මාත්‍රා 26000ක් අද පෙරවරුවේදී ශ්‍රී ලංකාවට ගෙන්වීය.

මේ පිළිබඳව සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශක් කරන ජනපතිවරයා සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ සෑම පුද්ගලයෙකුටම එන්නත් ලබාදීමට තම රජය  ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව ආඩම්බර වෙන බවයි.

ශ්‍රී ලංකාව පුරාම එන්නත් ලබාදීම ක්‍රියාත්මක බවද ඔහු පවසයි.