රසායනික පොහොර ගෙන්වීම සඳහා රජය විසින් අවසර ලබා දී ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන් අසත්‍යය බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, එවැනි කිසිදු අවසරයක් රජය විසින් ලබා දී නොමැති බවත්, ඉදිරියේ දී හෝ එවන් අවසරයක් ලබා නොදෙන බවත් ය.

රජය විසින් රසායනික පොහොර ගෙන්වීමට අවසර ලබාදුන් බවට සමාජ මාධ්‍ය ඔස්සේ පුවත් පළ වී තිබුණි.