ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය අද පෙරවරුවේ විවෘත කර තිබෙනවා.

ඒ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගගේ ප්‍රධනත්වයෙන්.

මින් ඉදිරියට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ජාතිය ඇමතීමට මෙම ස්ථානය යොදාගන්නා බවයි ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක පැවසුවේ.

ජනාධිපතිවරයාට මෙන්ම ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයාටද සතිපතා මාධ්‍යවේදීන් හමුවීමටත් ප්‍රවෘත්ති සාකච්ඡා පැවැත්වීමටත් මෙම ස්ථානය භාවිතා කිරීමට සියලු පහසුකම් සපයා තිබෙනවා.