බැසිල් යනු රාජපක්ෂ පවුලේ තවත් එක් අසාර්ථක පුද්ගලයෙක් පමණක් යැයි ජවිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසයි. 

රටේ අනාගතය ගොඩනැගිය හැක්කේ බැසිල් රාජපක්ෂට පමණක් බව කියා පාන්නට බැසිල් යනු  අමුතු ජීවියෙක් දැයි ඔහු ප්‍රශ්න කරයි.

මේ ආණ්ඩුව ගොඩනැගූ දවසේ සිට ප්‍රධාන ම මෙහෙයුම්කරුවෙකු ලෙස ඔහු කටයුතු කළ බවත් මේ වන විට ඔහු ප්‍රධානත්වය දරන ආර්ථික පුනර්ජීවන හා දිළිඳුකම පිටුදැකීමේ ජනාධිපති කාර්යසාධක බළකාය,  කොවිඩ් වසංගතය හමුවේ අත්‍යාවශ්‍ය මහජන සේවාවන්  මෙහෙයවීමේ සම්බන්ධීකරණ සහ පසු විපරම් කිරීමේ ජනාධිපති කාර්යසාධක බළකාය, හරිත ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ ජනාධිපති කාර්යසාධක බළකාය යන ආයතන තුනම අසාර්ථක බවත් දිසානායක මහතා සඳහන් කරයි.

රට සෞභාග්‍යය කරා ගෙන යාමට මහින්ද රාජපක්ෂට නොහැකි අතර, එය කළ හැකි වන්නේ ගෝඨාභය රාජපක්ෂට බව මීට පෙර ප්‍රචාරය කළා සේ ම එම අවස්ථාවේ ගෝඨාභයට මහින්ද වැඩ කිරීමට  නොදෙන බවටත් කසුකුසුවක් ප්‍රචාරය කර තිබූ බව පවසන ඒ මහතා රටේ අනාගතය බැසිල් රාජපක්ෂට නිර්මාණය කරන්න පුළුවන් යැයි කීම තු ළම ගෝඨාභය හා මහින් ද මුළුමනින් ම අසාර්ථක බව කියවෙන්නා සේ ම ඔවුන්ට ආර්ථිකයේ ප්‍රධාන මූලධර්මවත් නොතේරෙන බව කියා සිටී.

මේ ආකාරයට ටික දවසකින් පසු  බැසිල් රාජපක්ෂ ද වෙන රාජපක්ෂ දරුවෙක් රට ගොඩගන්නට ගෙන ආ යුතු යැයි පැවැසිය හැකි අතර මේ පෙන්නුම් කරමින් තිබෙන්නේ මේ පාලනයේ අසාර්ථකකමත් පාලකයන්ගේ අසාර්ථකකමත් තනි තනි පුද්ගලයන්ට පටවා මැජික්කාරයෙකු මෙන් රට  ගොඩගන්න පුළුවන් බව  පෙන්වීම පමණක් මෙයින් සිදුවන බව ද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

හෙතෙම වැඩිදුරටත් පැවසුවේ, සැබැවින් ම මහින්ද, බැසිල්, ගෝඨාභය ත්‍රිත්වය ම අසමත් මෙන් ම චමල් රාජපක්ෂ, ශෂේන්ද්‍ර රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, නිපුන රණවක කියන පවුල ම අසාර්ථක බවත් ඔවුන් අනුගමනය කරන සමාජ ආර්ථික ප්‍රතිපත්තිය, ආණ්ඩුකරණ ප්‍රතිපත්තිය සහ ඔවුන්ගේ මැදිහත්වීමත් අසාර්ථක  හෙයින් එම අසාර්ථක මැදිහත්වීම්වල සාර්ථකත්වය ලබාගන්න බැසිල් රාජපක්ෂ පත්කළ යුතුයි කියා විශාල මාධ්‍ය ප්‍රචාරයක් ගෙන යන බව