තමන් මේ ලෝකයට ආවේ හිස් අතින් බවත් යන්නේ ද හිස් අතින් බවත් හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබෙනවා.

සිය උපන් දිනයට සුබ පැතුම් පිරි නැමූ සැමට ස්තූති කරමින් ඇය තැබූ එම සටහන

‘මට දැන් අවුරුදු හැත්තෑ හයක්. මීට අවුරුදු හැත්තෑ හයකට කලින් මම මේ ලෝකයට ආවේ තනියම. හිස් අතින්. මම විතරක් නෙවෙයි අපි කවුරුත් එහෙමයි. කවදහරි යන්නෙත් තනියම. හිස් අතින්. එහෙත් අපි ආපහු මේ ලෝකෙන් යන දවසට තව එක දෙයක් අරගෙන යනවා. ඒ තමයි අපේ ජීවිත කාලය පුරා අපි කල කී දෑ අනුව ඉතිරි වූ හොද නම හෝ නරක නම.

මේ යතාර්ථයක මම කුඩා කාලේ ඉදන්ම තේරුම් ගත්තා. මේ ජීවිත කාලයේදී අපේ ජීවිත ආලෝකමත් කරගැනීමට මෙන්ම මේ ලෝකය වඩා හොද තත්වයට පත්කිරීමටත් අපි බැදී සිටිනවා. මම මගේ ජීවිත කාලය පුරා උත්සාහ කලේ ඒ යුතුකම හැකි උපරිමයෙන් ඉටු කරන්න. මගේ ජීවිත කාලයේදී මම මේ රට වෙනුවෙන්, මේ රටේ ජනතාව වෙනුවෙන්, වගේ ම ලෝකය වෙනුවෙන් යමක් කලා නම් ඒ සියල්ලක්ම කළේ මේ ලෝකය වඩා හොද තැනක් කරන්න. කවදා හරි මා මිය ගිය දවසක මා කළ කී දෑ අනාගත පරපුරට ආදර්ශයක් කරගත හැකිනම් මගේ සතුට එපමණයි.

උපන් දින සුබ පැතුම් පිරි නැමූ සැමට ස්තූතියි !’