ගුරු විදුහල්පති උද්ඝෝෂණයක් අද කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට පැවැත්විණි..

ඔවුන් පසුව පා ගමනින් ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණියා.ඉන්පසු ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ඔවුන් උද්ඝෝෂණයේ නිරත විය.

මේ අවස්ථාවේ ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණි ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපතිගේ වාහනය විරෝධතාකරුවන් අවහිර කිරීමත් සමඟ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති විය.