කොවිඩ් වෛරසය එක්ක සටන් කරමින් අපි ගත කරපු පහු ගිය කාල සීමාව ඉතාම තීරණාත්මකයි. ඒ කාලයේදී අපි මුහුණ දීපු අභියෝග ගණන අනන්තයි. හැබැයි පසු බසින්නේ නැතිව, එකා වගේ නැගී ඉඳලා අපි ඒ සියලුම බාධක ජය ගන්න කැපවීමෙන් කටයුතු කරා. ඉතින් මේ කාලය තුලදි ජනතාව අමතක නොකර, මහජනතාව එක්කම උරෙන් උර ගැටෙමින් කොවිඩ් මාරයට විරුද්ධව “හොඳටම සටන් කරපු බැංකුව” මොකක්ද කියලා හොයලා බලන්න අද අපි තීරණය කලා.

කොවිඩ් වසංගතය මුලින්ම අපේ හිතවතුන් බිලිගන්න පටන් ගත්ත අවස්ථාවේ ඔබ සෑම දෙනාම ඒ උවදුරෙන් ගලවගන්න, සමාජ ආරක්ෂන වැඩපිළිවෙළක් පටන් ගත්තේ මහජන බැංකුව. සමාජ මාධ්‍ය හරහා විතරක් නෙවෙයි මහජන බැංකු ශාඛා හරහාත් කොරෝනා වලින් ආරක්ෂා වීමේ සෞඛ්‍ය ආරක්ෂණ දැනුවත් කිරීම් මාලාවක් මහජන බැංකුව ක්‍රියාත්මක කලා.

පහුගිය අවුරුද්දෙදි රට පුරා නිරෝධායන ඇඳිරිනීතිය පනවලා, රජය විසින් රට වසා දමපු මොහොතේ ජනතාවට අවශ්‍ය මූල්‍යමය සේවා සැපයීම සඳහා ගනුදෙනුකාර භවතුන්ගේ නිවසට මුලින්ම ආවෙත් මහජන බැංකුවයි. ඒ මහජන බැංකුවේ ජංගම බැංකු සේවාව යටතේ. අත්‍යවශ්‍ය සේවා යටතේ වෙළඳුන් ගෙයින් ගෙට ආවත්, අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට මුදල් නොමැතිව සිටි බොහොමයක් දෙනාට මහජන බැංකුවේ ජංගම ATM සේවාව නිසා ලැබුනු සහනය අති විශාලයි

ගණුදෙනුකරුවන්ගේ ආරක්ෂාව සඳහාම ආරම්භ කළ මහජන බැංකුවේ ඩිජිටල් බැංකු සේවාවද මෙහිදී අමතක කළ නොහැකියි. ඕනෑම තැනක ඉඳන් ඕනෑම වෙලාවක ආරක්ෂිතව මුදල් ගනුදෙනු කරන්න පුළුවන් people’s pay App එක වගේම අවශ්‍ය මොහොතේ අවශ්‍යම තාක්ෂණික දැනුම එක්ක ඉදිරියට යන්න ක්‍රියාත්මක කරපු online call center වැඩසටහනත් කොරෝනා එක්ක සටන් කරන ජනතාවගේ පහසුව සඳහාම සිදු කරපු දෙයක්. මේ ඩිජිටල් සේවා නිසා, ඉස්සර වගේ හදිසියකදි බැංකුවට යන්නේ නැතුව තමන්ගෙ ගෙදර ඉඳන් පරිස්සමට මුදල් ගනුදෙනු කරන්න ගනුදෙනුකරුවන්ට පුලුවන් වුණා.

ඒ වගේම ඉන් ඔබ්බට ගිහින්, කොළඹ ජාතික රෝහලට හා මහනුවර ජාතික රෝහලට අත්‍යවශ්‍ය වෙලා තිබුනු අධි තාක්ෂණික ස්කෑන් යන්ත්‍ර 2ක් (Ultrasound Scanner) එම රෝහල්වලට පරිත්‍යාග කරන්නත් ඔවුන් අමතක කළේ නැහැ. මෙහි විශේෂත්වය වන්නේ රුපියල් මිලියන 12 කට වඩා වටින මෙම පරිත්‍යාගයන් සිදු කිරීමට මහජන බැංකුවේ සේවකයන් කැමැත්තෙන්ම තම වැටුපෙන් කොටසක් පරිත්‍යාග කිරීමයි.අසාධ්‍ය කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අත්‍යවශ්‍ය උපකරණයක් වන මෙම ස්කෑන් යන්ත්‍ර, කොරෝනා නිම වීමේන් පසුව සාමාන්‍ය රෝගීන්ගේ භාවිතයට වෙන් කිරීමේ හැකියාවත් තියෙනවා.

මීට අමතරව, සිය 60 වෙනි සංවත්සරය වෙනුවෙන් සිරිමාවෝ බණ්ඩාරනායක රෝහලේ දැඩි සත්කාර ඒකකයට අවශ්‍ය වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක් මහජන බැංකුවේ මූලිකත්වයෙන් පසුගිය ඔක්තෝම්බර් මාසයේදී සිදු කෙරුණා.

මේ සෑම දෙයක්ම ඔවුන් සිදු කලේ මහජන බැංකුව විසින් වාර්ශිකව සිදු කරන සමාජ සත්කාර වැඩපිලිවෙලවල් වලට අමතරවයි. කොවිඩ් මාරයාට එරෙහිව රටේ මහජනතාව එක්කම සටන් කරන ගමන්, අඩු ආදායම්ලාභී පවුල් කිහිපයකම නිවාස ප්‍රතිසංස්කරණය කරලා දෙන්නත් මහජන බැංකුව මේ වසරේදී අමතක කලේ නෑ. ඒ කොවිඩ් වෛරසයට අමතරව පරාජය කල යුතු සමාජ අභියෝග තවමත් අපි ඉදිරියේ තිබෙන නිසා.

මේ හේතු නිසාම 2021 ආසියානු සංවර්ධන බැංකුවේ ව්‍යාපාර සැලසුම් මූල්‍ය වැඩසටහනේදී, කොවිඩ් 19 වසංගතය හමුවේ ඉහලින්ම ක්‍රියාත්මක වූ බැංකුව ලෙස සම්මානයට අත් වන්නට මහජන බැංකුවට හැකි වුණා.
ඉතින් ගෙවී ගිය කාලය වගේම ඉදිරියේදීත් මේ විදියටම ජනතාව එක්කම රැඳිලා, ජනතාවගේ හදවත අඳුරගන්න මහජන බැංකුවට හැකියාව ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා.