හම්බන්තොට තිස්සමහාරාමය වැවේ රොන්මඩ ඉවත් කිරීමේ කටයුතු සඳහා චීන හමුදා ඇඳුමට සමාන ඇඳුමකින් සැරසුනු පුද්ගලයින් පිරිසක් සේවය කිරීම සම්බන්ධයෙන් කැබිනට් මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදීන් විමසු විට අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අදහස් පළ කළේය.

එහිදී අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, එම සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සම්පූර්ණ පරීක්ෂණයක් සිදුකර ඇති බවය.

එම ඇඳුම හුදෙක් අදාළ ආයතනයේ නිල ඇඳුමක් පමණක් බවට එහිදී අනාවරණය වු බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල,

“අපි දන්නා තරමට යුද හමුදා කට්ටිය නෙමෙයි. මේ තියෙන්නේ CID වාර්තාව. එහි සඳහන්ව තිබෙනවා එය සාමාන්‍ය කට්ටලයක් බව. පෙළක් වෙලාවට මම දැකලා තියෙනවා ගැරාජ්වලත් ඔය වගේ “overall kits” තියෙනවා. ඔබ තුමන්ලා ගිහින් බලන්න පෙළක් හොඳ ගැරාජ්වල එහෙම ඒවා තියෙනවා. ඒකත් පොඩ්ඩක් බලන්න. මම ඕනේ නම් කියන්නම් ඒවගේ ගැරාජ් කිහිපයක්ම.“